Sunday, August 5, 2012

Z Score 2011 සහ සැඟවුන යථාර්තය





ගෙවී ගිය මාසයේ මෙරට ජනතාව අතර වැඩි වශයෙන්ම කතාබහට ලක් වූ මාතෘකාව වන්නෙ ගියවර උ/පෙ විභාගය හා එහිදි ඇති වූ Z ලකුණු අර්බුදයයි.විභාගයට පෙනී සිටි හෝ නොසිටි සියල්ලන්ගේම අවධානය දිනාගැනීමට සමත් වූ මෙම ගැටලුව රටේ අධ්‍යාපන පද්ධතිය තුල තීරණාත්මක සංධිස්ථානයකි.


Z Score ක්‍රමය හඳුන්වා දුන්නේ 1997 වසරේදීය.එවර පැවති විභාගයෙදි ද විශය නිර්දේශ 2කකින් උ/පෙ විභාගය සදහා සිසුහු පෙනී සිටියහ.එහිදි මුල්වරට අත්හදා බැලුනු  Z Score  ගණනය අති සාර්ථක ක්‍රියාවලියක් බවට පත්විය.Z Score යනු සංඛ්‍යාන මූලධර්ම ඇසුරෙන් ගොඩ නැගුනු ක්‍රමයකි.


2011 සඳහාද Z ගණනය කලේ විශය නිර්දේශ 2ම එකාබද්ධවය.නමුත් මෙහිදි අසාධාරණයට ලක්වූ සිසුන්,ගුරු සංගම් හා විද්වතුන්ගේ මතය වූයේ ලබා දුන් ප්‍රශ්න පත්‍ර හා නිර්දේශයන්ගේ ඇතම් විශය ප්‍රමාණ වෙනස් බැවින් ලකුණු සංගහණ 2ක් ලෙස සලකා වෙන් වෙන්ව Z ඇගයීම සිදුකොට පසුව ප්‍රතිඵල එකාබද්ධ කිරීමයි.
නමුත් මෙම සංශෝධනය ගැටලුව නිරාකරණය කරනවා වෙනුවට තවත් මේ අර්බුදය උග්‍ර කර වූයේ නව ක්‍රමය මගින් දෙවන හා තෙවන වර විභාගයට පෙනී සිටි අයගේ දිස්ත්‍රික් කුසලතා මට්ටම පහලට ඇද වැටීමත් සමගය.එම නිසා ඔවුන් අද වීදි බැස හඬ නගන්නේ තමන්ට සිදු වූ අසාධාරණය වෙනුවෙන්ය.


කෙසේ වෙතත් මෙවර විභාග ප්‍රතිඵල නිකුත් වුන දින සිටම දෝශ සහගත විය. Z Score  ප්‍රශ්නයට පළමුව පරිගණක දෝශයක් නිසා සිසුන්ට අමුතු වර්ගයේ ප්‍රතිඵල අත්විඳින්නට සිදු විය.
කලා විශය ධාරවෙන් මෙවර විභාගයට මුහුණ දුන් අයදුම්කරුවෙකුට සංයුක්ත ගණිතය සඳහා "A" සාමර්ථයක් ලැබුනේ ඒ අනුවය.
එම ගැටලුව ලිහාගත් පසුව ඊලගට මුහුණ පෑමට සිදු වූයේ පරතෙරක් නැති Z අර්බුදයකටය.


අද උ/පෙ අර්බුදය නිරාකරණය සඳහා විවිධ අදහස් හා මතවාද ඉදිරිපත් කලත් ඒ කිසිවක් ක්‍රියාත්මක වන බවක් නොපෙනේ.අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා පලක් නැත.විශය නිර්දේශ 2ක් යටතේ විභාගය පැවත් වීමේදි යම් යම් ප්‍රශ්න පැන නගිය හැකි බව ඕනෑම කෙනෙක් පිලිගන්නා කාරණයකි.එමනිසා නව විශය නිර්දේශ අන්තර්ගතයට ගැලපෙන අයුරින්ද, පැරණි නිර්දේශ ප්‍රශ්න පත්‍රය හා සමානව යන පරිද්දෙන් නව ප්‍රශ්න පත්‍ර සැදුවේ නම් මෙම ප්‍රශ්නය මෙතරම් බරපතල වන්නේ නැත.පලමු වරට විභාගයට මුහුණ දුන් සිසුන් බොහෝමයක් තමන් සාර්ථකව පිලිතුරු සැපයූ බවට උදම් අනද්දි පැරණි නිර්දේශ සිසුන් 
ප්‍රශ්න පත්‍ර සෑදූ අයට දෙස් දෙවොල් තැබුවේ එබැවිණි.


සාමන්‍යයෙන් පැවති ක්‍රමය තුල විභාගය සමත් වුවන්ගෙන්  උපරිම ලකුණු ලබාගන්නෙත්, අවම ලකුණු ලබාගන්නෙත් ප්‍රථම වරට විභගයට මුහුණ දෙන සිසුන්ය.දෙවනවර හා තෙවනවර සිසුන් අතරමැද ලකුණු ලබාගන්නා අතර ඔවුන්ගෙන් වැඩි ප්‍රමාණයක් විශ්ව විද්‍යාල වරම් ලබති.
මෙම කාරණව කැපී පෙනෙන්නේ විද්‍යා( ජීව/ගණිත ) අංශයේ පසුගිය ප්‍රතිඵල සලකා බැලීමේදිය.


ඇතම් දිස්ත්‍රික්ක වල මෙම තත්ත්වය කෙතරම් උග්‍රදැ'යි කියතොත් වෛද්‍ය හා ඉන්ජිනේරු පීඨ සඳහා සුදුසුකම් ලබන සියල්ලම පාහේ දෙවන හෝ තෙවනවර අයදුම්කරුවන්ය.
එවන් තත්ත්ව තුල පලමු වර පෙනී සිටින සිසුවා විභාගයට මුහුණ දෙන්නේද පරාජිත මානසික මට්ටමකින් නොවේද?


මාගෙ පෞද්ගලික මතය නම් පලමුවර පෙනී සිටින්නන්ගෙන් වැඩි ප්‍රතිශතයක් විශ්ව විද්‍යාල වරම් ලබනවා නම් එය කාලෝචිතය.එය මෙවර පමණක් වලංගු වන අදහසක් නොවේ.
මන්ද යත් අද සමාජය බොහෝ තරගකාරිය.වර්තමානය වන විට බොහෝ සිසුන් හා දෙමවුපියන් පෞද්ගලික වි.වි සඳහා යොමුවී ඇත්තේ එබැවිනී.
එමගින් විභාග ප්‍රතිඵල කොතරම් පහත් මට්ටමක තිබුනත්, කාලය අපතේ නොයවා කෙසේ හෝ දොස්තර හෝ ඉන්ජිනේරුවෙකු විය හැක.
නමුත් සාම්ප්‍රදායික සිසුවා පුරුදුව ඇත්තේ වරක් දෙවරක් නොව හැකිනම් පස්,හය වතාවක් හෝ විභගයට ලියා වෛද්ය පීඨයට යෑමටය.
මෙහිදි අවධාරණය කරගතයුතු තවත් දෙයක් තිබේ.මෙම සිසුවාට වෛද්‍ය පීඨයට යාම තම එකම අභිලාශය වූවත් එම සිහිනය තුල ඇත්තේ කොළඹ හෝ පේරාදෙණිය වැනි එකක් මිස රජරට වෛද්‍ය පීඨය නොවේ.
එබවින් මෙහි සත්‍ය වශයෙන්ම ඇත්තේ වි.වි වරම් අහිමි වීමක් පිලිබඳ ගැටලුවකට වඩා ලැබෙන පීඨ සම්බන්ධ ප්‍රශ්නයකි.
එම ලැබෙන පීඨයේද ගුණාත්මක සොභාවය පිලිබඳ ප්‍රශ්නයකි.


එමනිසා රටේ රාජ්‍ය වි.වි පද්ධතිය සංවර්ධනය කිරිමත්,හැකිනම් එහි ධාරිතාවය වැඩි කිරිමත් බලධාරින් සතු වගකීමකි.


මේ පොරය වෛද්‍ය හා ඉන්ජිනේරු පීඨ සඳහා පමණක් පවතින්නේ මන්ද'යි මොහොතකට විමසා බලමු.උ/පෙ විශය තෝරාගැනීමේදීද  ස්ව කැමත්තට වඩා රටේ පවතින ක්‍රමයට ඉඩ දී විද්‍යා විශය තෝරාගත්තවුන් සමාජයේ සුලභය.නමුත් ඒ සියල්ලක්ම කරනුයේ වෛද්‍ය හෝ ඉන්ජිනේරු අනාගතයක් උදෙසා මිසක් විද්‍යාඥ්යෙකු වීමට නොවේ.


අද රටේ බොහෝමයක් වි.වි වල විද්‍යා,කෘශිකර්ම වැනි පීඨ වල සිටින්නේ කැමත්තෙන් ආ පිරිසක් නොවේ.යම් අරමුණක් උදෙසා එහි පැමිණි පිරිස සුලුතරයකි.


විද්‍යා හෝ කලා පීඨවල අධ්‍යාපනය ලබන සිසුන්ගේ ප්‍රධාන ගැටලුවක් වී ඇත්තේ තම අස්ථිර අනාගතයයි.මේ හේතුවෙන් ඔවුන්ද පෞ.වි.වි. මගින් පවත්වෙන පාඨමාලා හරහා එගොඩ වීමට වෑයම් කරති.


මෙම සිසුන්ට රාජ්‍ය වි.වි හරහා ඉදිරියට යාමට නොහැකිවීම ඛේදාන්තයක් නොවේද?

යාමට සුදුසු'යි කියා  මගක් පෙන්නා දුන්නත්,එම මග ඔස්සේ තමන්ට සුදුසු ගමනාන්තයක් නොපෙනෙන කල්හි මෙවන් පාඨමාලා සඳහා යොමු වේවිද?
එවන් තත්වයක් තුල මේවා මග හැර  කෙසේ හෝ තම සුපිරි පීඨ ඉලක්කය සඳහා සියලු සිසුන් හඬ නැගීම සාධාරණ නොවේද?




සුපුරුදු පරිදි කාලය මෙම මතවාද විසදනු ඇත.
එහෙත් සිතීමට කාරණවක් ඇත...



විශ්ව විද්‍යාල තුල සිටින සෑම සිසුවෙකුටම තමා විශය දැනුම සඳහා සාධරණ වටිනාකමක් ලැබෙන දිනයක් ආ කලෙක
පෞද්ගලික විශ්ව විද්යාල අර්බුද මෙන්ම,
2011 දී අති බිහිසුණු වූ උසස් පෙළ විභාගය වැනි ගැටලු වලට ද විසදුමක් ඉබේම ලැබෙන බව නියතය.



No comments:

Post a Comment

"You can always tell a real friend: when you've made a fool of yourself he doesn't feel you've done a permanent job."
- Laurence J. Peter

A friend always guide you to your destination, without leaving you in darkness...
Here I am, waiting for your precious comment, which gives strength to my writing.